Gossips

Update :- සංගීතයේ සිහසුන තනන හිරු STAR අවසන් මහා තරඟය ඇරඹෙයි

සංගීතයේ සිහසුන තනමින් මිලියන ගණනක ජනතා සිහිනය මල් ඵල ගන්වන ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවි ගායනා රියලිටි වැඩසටහන හිරු ස්ටාර් අවසන් මහා තරඟය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ, නෙළුම් පොකුණ රඟහලේදීයි.
මෙම සුවිශේෂී අවසන් මහා තරඟය හිරු ටී.වී ඔස්සේ නැරඹීමට ප්‍රේක්ෂක ඔබට හැකියාව පවතිනවා.

Update :- Sunday, March 3, 2019, 7.42 PM
—————————————————————-
සංගීතයේ සිහසුන තනන 'හිරු STAR' අවසන් තරඟයට, සියල්ල සුදානම්
සංගීතයේ සිහසුන තනමින් මිලියන ගණනක ජනතා සිහිනය මල් ඵල ගන්වන ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවි ගායනා රියලිටි වැඩසටහන හිරු ස්ටාර් අවසන් මහා තරඟය මේ වන විට සියල්ල සුදානම්.
ඒ, නෙළුම් පොකුණ රඟහලේදීයි.
අවසන් තරඟය දැක බලා ගැනීම සඳහා සම්භාවනීය අමුත්තන් ඇතුළු සුපිරි තරු රැසක් මේ වන විටත් කොළඹ නෙළුම් පොකුණ රඟහලට පැමිණෙමින් සිටිනවා.
ශ්‍රී ලාංකීය රූපවාහිනී ප්‍රේක්ෂක ජනතාවට නවමු අත්දැකීම් ලබාදෙන හිරු ටී.වී. මෙරට රියලිටි වංශ කතාව තුළ ප්‍රේක්ෂක ජනතාව කිසි දිනෙක නොවිදි අත්දැකීමක් එක් කරමින් මීට වසරකට පමණ පෙර හිරු ස්ටාර් ආරම්භ කරනු ලැබුවා.
ජංගම දුරකථන යෙදවුමක් හරහා සජීවීව මනාපය පළ කරමින් තරඟකරුවන් ඉදිරි වට වලට තෝරා ගැනීම හිරු ස්ටාර් තරගාවලියේදී ප්‍රේක්ෂකයන්ට අවස්ථාව හිමි වූයේ මෙරට රියලිටි ඉතිහාසයේ ප්‍රථම අවස්ථාවට වීම ද විශේෂත්වයක්.
එමෙන්ම ජනතා මනාපයේ විනිවිදභාවය තහවුරු කරමින් මනාපය පළ කරන්නන්ගේ රුව ද දැවැන්ත ඩිජිටල් තිරය මත දිස්වූයේ ලොව නවීනතම ක්‍රියාවලියක අත්දැකීම ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් වෙත සමීප කරමින්.
ඒකල, යුගල සහ කණ්ඩායම් වශයෙන් තරගාවලියට එක්වුණු තරඟකරුවන් විනිශ්චය මණ්ඩලයේ සහ ප්‍රේක්ෂකයින්ගේ මනාප අතර හිරු ස්ටාර් අවසන් මහා තරඟය තෙක් ඉදිරියට පැමිණියා.
ඒ අනුව ශ්‍රී ලාංකීය රියලිටි ඉතිහාසයේ ජයග්‍රාහකයින්ට පිරිනැමෙන වටිනාම තිළිණ වෙනුවෙන් අවසන් මහා තරඟයේ තරඟ වදින්නට වරම් හිමි කර ගත්තේ බටපොල ප්‍රදේශයේ පදිංචි මංගල ඩෙනෙක්ස්, වෙන්නප්පුවේ ශම්මි ප්‍රනාන්දු, දිවුලපිටියේ අමිල කාවින්ද සහ මීගමුවේ සුජාන් ප්‍රනාන්දුයි.
හිරු ස්ටාර් අවසන් මහා තරඟයට තරඟ වදින සිව් දෙනා අතරින් කිරුළ හිමි කර ගන්නා ජයග්‍රාහකයාට රුපියල් ලක්ෂ 60ක් වටිනා සුපිරි අවුඩි මෝටර් රථයක්, මුදලින් රුපියල් මිලියනයක් සහ රුපියල් කෝටියක් වටිනා රූප රචනා සහිත ගීත ඇල්බයක් හිමි කර ගැනීමේ අවස්ථාව හිමි වනවා.
එම සුපිරි තිළිණ වෙනුවෙන් තරඟ වදින හිරු ස්ටාර් අවසන් මහා තරඟයේ සජීවී අත්දැකීම විදින්නටත් හිරු ස්ටාර් ජංගම දුරකථන යෙදවුම හරහා තරඟකරුවන් වෙනුවෙන් මනාපය පළ කිරීමට ද ප්‍රේක්ෂක ඔබට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්.
ඒ අනුව හිරු ස්ටාර් අවසන් මහා තරඟයට සහභාගිවීම සඳහා අවසන් තරඟකරුවන් සිව් දෙනා මීට ස්වල්ප මොහොතකට පෙර රතු පලස මතින් පැමිණියා.

rn