Gossips

මාතර – මැද්දවත්තේ දී විරෝධතාවයේ නිරත වූ සිසුන් 13 දෙනෙකු අත්අඩංගුවට

මාතර – මැද්දවත්ත ප්‍රදේශයේ පිහිටි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවක් ඉවත් කරන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල විද්‍යායතන සිසුන් පිරිසක් අද දහවල් විරෝධතාවක නිරත වුණා.
මාතර – මැද්දවත්ත ප්‍රදේශයෙන් මාතර – කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මෙම සිසුන් උද්ඝෝෂණයේ නිරත වූ අතර සිසුන් මාර්ගයෙන් ඉවත් නොවීම හේතුවෙන් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.