Gossips

පාතාල කල්ලි සාමාජිකයෙකු බව පවසමින් මර්ණ තර්ජන සිදුකළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ගැන පරීක්ෂණ

තමන් පාතාල කල්ලි සාමාජිකයෙකු බව පවසමින් වෙන්නප්පුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන එල්ල කළ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ, මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
බෝගම්බර බන්ධනාගාරයේ සිට පැමිණි පාතාල කල්ලි සාමාජිකයෙකු බවට පවසමිනුයි මොහු මෙම මරණ තර්ජන එල්ල කර ඇත්තේ.
කෙසේ වෙතත්, අදාළ ව්‍යාපාරිකයා පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු විසින් මෙම දුරකථන ඇමතුම ලබාදී ඇති බවයි.
ව්‍යාපාරික ගැටළුවක් මුල් කර ගනිමින් මෙම මරණ තර්ජනය එල්ල කර ඇති බව සඳහන්.