තම දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන්නැයි වතු සමාගම්වලට බල කරමින් රුපියල් දහසේ ව්‍යාපාරය අද බගවන්තලාව නගරයේදී උද්ඝෝෂණයක නිරතවුනා.
කළු කොඩි සහ පෝස්ටර් අතැතිව සිටි වතු කම්කරුවන් නගරය දක්වා පෙළපාලියකින් පැමිණ උද්ඝෝෂණයේ නිරතවු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඊට එක්ව සිටි පිරිස් අවධාරණය කළේ රුපියල් දහසක මූලික වැටුපක් ලබාදීමට වතු සමාගම්වලට හැකියාව තිබියදීත් වෘත්තීය සමිති කිහිපයක් වතු සමාගම් සමග එක්වී රුපියල් 700 ක වැටුපක් සහ තවත් රුපයල් 50 ක අමතර දීමනාවක් ලබාදීමට ගිවිසුම් අත්සන් කර ඇති බවයි.