Gossips

කොකේන් මත්ද්‍රව්‍ය සමඟ විදේශිකයන් දෙදෙනෙකු ඇතුලූ තුන්දෙනෙකු අත්අඩංගුවට

ගල්කිස්ස – බේකරි හන්දිය ප්‍රදේශයේදී කොකේන් ළඟ තබාගෙන සිටි විදේශිකයන් දෙදෙනෙකු, තවත් පුද්ගලයෙකු සමඟ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටි ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් කොකේන් ග්‍රෑම් 32 යි මිලිග්‍රෑම් 32 ක් සමග මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරුවන්, 26 හැවිරිදි නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙකු සහ 40 හැවිරිදි මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.