Gossips

වර්ගවාදයට එරෙහිව මිලාන් නුවර විරෝධතාවක්

වර්ගවාදය පිටුදකිමින් උතුරුදිග ඉතාලියේ මිලාන් නුවර ඊයේ පැවති විරෝධතාවකට දෙලක්ෂයකට අධික පිරිසක් සහභාගිවී තිබෙනවා.
දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම්වලට විශාල සහයක් පවතින ප්‍රදේශයක මෙය පැවැත්වීමද විශේෂත්වයක්.
විරෝධතාවට එක්වූවන් රජය විසින් භීතිය, වෛරය සහ බෙදීම ප්‍රවර්ධනය කරන බවට චෝදනා කළා.
මැට්ටියෝ සැල්විනීගේ නායකත්වයෙන් යුත් වත්මන් දක්ෂිණාංශික රජය සංක්‍රමණිකයන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීමද ඇතමුන්ගේ විවේචනයට ලක්වී තිබෙනවා.
අපරාධවලට සම්බන්ධ සංක්‍රමනිකයන් පුරවැසිභාවය අහෝසි කොට පිටුවහල් කිරීමටත් සංක්‍රමණික යාත්‍රා ආපසු හරවා යැවීමටත් වත්මන් රජය පියවර ගත්තා.
එය ඉතාලිය සුරක්ෂිත කිරීමේ පියවරක් ලෙසයි රජය හඳුන්වන්නේ.