Gossips

කෝටි 3ක වාලම්පුරියක් විකිණීමට තැත් කළ අයෙකු අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් කෝටි 03කට මිලකර තිබූ වාලම්පුරියක් රුපියල් දෙකෝටි අනූපන් ලක්ෂයකට අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු හාලිඇල – උඩුවර – හතේ කණුව ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තේ වත්තක කම්කරු නිවාසයකදී එම වාලම්පුරිය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, උපාය දූතයෙකු යොදවා මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.
නාවලපිටියේ පදිංචිකරුවෙකු වන 40 හැවිරිදි සැකකරු මෙම වාලම්පුරිය යාපනයේ සිට රැගෙන ආ බව පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.
සංරක්ෂිත ටයිටන් වර්ගයේ බෙල්ලෙකු වන මෙම වාලම්පුරිය සමඟ සැකකරු අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


ඡායාරූප – බදුල්ල පාලිත ආරියවංශ