Gossips

ඉන්දු – පාකිස්ථාන ගැටුම යළි උඩු දුවයි

ඉන්දු – පාකිස්ථාන දේශ සීමාවේ ගැටුම් තවදුරටත්
කාශ්මීරයේ ඉන්දු – පාකිස්ථාන දේශසීමාවේ දෙපාර්ශවය අතර ෂෙල් වෙඩි හුවමාරු තවදුරටත් සිදුවන බව විදෙස් වාර්තා සඳහන් කළා.
එම ගැටුම්වලදී සිවිල් වැසියන් පස්දෙනෙකු සහ සොල්දාදුවන් දෙදෙනෙකුද ජීවිතක්ෂයට පත්වී ඇති අතර, දෙපාර්ශවයේම තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
පාකිස්ථාන ග්‍රහණයට හසුවූ ඉන්දීය ගුවන් නියමුවා සාමය පිළිබඳ බලාපොරොත්තුවෙන් නිදහස් කළද විටින් විට තවදුරටත් ගැටුම් සිදුවන බව සඳහන්.
ඊයේ මෙලෙස පාකිස්ථාන පාර්ශවයෙන් එල්ලවූ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් ඉන්දීය පාලනය යටතේ ඇති කාශ්මීරයේ මවක් සහ ඇගේ දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත් වුණා.
ඔවුන්ගේ පියාද එහිදී බරපතල තුවාල ලබා තිබෙනවා.
මේ අතර පාකිස්ථාන – කාශ්මීරයේද ඉන්දීය ප්‍රහාරයට ලක්වූ පුද්ගලයෙකු සහ ළමයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, පාකිස්ථාන සෙබළුන් දෙදෙනෙකුද මියගොස් තිබෙනවා.