පාකිස්තානු හමුදාව තමාට විශිෂ්ට සේවාවක් සැපයූ බවත් ඉන්දියානු මාධ්‍ය ඇති වූ තත්ත්වය අනවශ්‍ය ලෙස උලුප්පා දැක්වූ බව පාකිස්තානු අත්අඩංගුවේ සිට නැවත වරක් සිය රටට පැමිණි ඉන්දීය ගුවන් නියමු අභිනන්දන් වර්තමාන් ප්‍රකාශ කරනවා.
පාකිස්ථානයේ පිහිටි ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සදහා එරට ගුවන් කලාපයට ඇතුලු වූ ඉන්දීය ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තමාන් අත්අඩංගුවට පත් වන්නේ පාකිස්තාන ගුවන් ප්‍රහාරයකට ලක්වීමෙන්.
කෙසේ වෙතත්, තම අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ගුවන් නියමුව් ඊයේ රාත්‍රියේ ඉන්දීය වාග් අතාරී දේශ සීමා මුර කපොල්ලේදී පාකිස්තානය විසින් ඉන්දීය ආරක්ශක අංශ වෙත භාර දෙනු ලැබුවා.
ඉන්දීය අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවිඩයක් මගින් වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තමාන් නැවත ඉන්දියාවට භාර දීර සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කර තිබුණා.