Gossips

ශාන්තුවරයන්ගේ සටන ජය පරාජයෙන් තොරව අවසන්

කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගනයේ පැවති ශාන්ත ජෝෂප් – ශාන්ත පීතර, 85 වන ශාන්තුවරයන්ගේ සටන අද ජය පරාජයකින් තොරව අවසන් වුණා.
තරගයේ පළමු ඉනිමේදී ශාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 219 ක් ලබා ගත් අතර, ජෝශප් විද්‍යාලය කඩුලූ 8ක් දැවී ලකුණු 286 ක් රැස් කළා.
අද තරගය අවසන් වනවිට දෙවන ඉනිම වෙනුවෙන් බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයන් කඩුලූ 6 කට ලකුණු 317 ක් ලබා සිටියා.
මේ අතර, කොළඹ ආනන්ද – නාලන්දා විදුහල් අතර පැවැත්වෙන 90 වන සුලෝහිත සංග්‍රාමය, එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණා.
කාසියේ වාසිය දිනූ නාලන්දා පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් කඩුලූ 7 ක් දැවී තම ඉනිම අත්හිටුවනු ලැබුවේ ලකුණු 269 ක් ලබා සිටියදීයි.
අද දිනය අවසන් වනවිට පළමු ඉනිමේ පන්දුවට පහරදෙන ආනන්ද කණ්ඩායම කඩුලූ 4 ක් දැවී ලකුණු 52 ක් ලබා සිටියා.