Gossips

රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු සහ ඔහුගේ දියණිය මරුට

කුරුණෑගල – සාරගම වැව අසලදී ත්‍රිරෝද රථයක් පෙරලී මෝටර් රථයකට ගැටී සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු සහ ඔහුගේ දියණිය මියගොස් තිබෙනවා.
අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇත්තේ ත්‍රිරෝද රථයේ රියදුරුට, එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන්.
මියගිය පොලිස් නිලධාරියා මාවනැල්ල පොලීසියට අනුයුක්තව සේවය කරන 30 හැවිරිදි කොස්තාපල්වරයෙකු වන අතර මියගිය දියණියගේ වයස අවුරුදු දෙකක්.
ඔවුන් අරණායක – තල්ගස්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සදහන් කළේ.
මෙම අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ, මියගිය පොලිස් නිලධාරියාගේ බිරිද, ඇගේ මව සහ ත්‍රිරෝද රථය පැදවූ, බිරිදගේ පියා ද තුවාල ලබා කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.