Gossips

පොලීසියේ බව පවසා බීමතින් වාහන පරීක්ෂා කළ හමුදා සෙබලූන් 3ක් අත්අඩංගුවට

පොලිස් නිලධාරින් බව හගවමින් හොරණ – ගෝනපල ප්‍රදේශයේ බීමතින් වාහන පරීක්ෂා කළ යුද හමුදා සෙබලූන් තුන්දෙනෙකු ඊයේ රාත්‍රියේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අදාළ වාහන හිමියන් සිදුකළ පැමිණිලි වලට අනුවයි.
මොවුන් විවාහ මංගල උත්සවයකට සහභාගි වී පැමිණෙන අතරතුර විනෝදයට මෙලෙස වාහන පරීක්ෂා කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලූන් තුන්දෙනා පනාගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කරන අය වන අතර, පසුව ඔවුන් පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.