Gossips

ඩෙවෝන් රක්ෂිතයේ ගින්නක්

තලවාකැලේ – දිඹුලපතන – ඩෙවෝන් දිය ඇල්ල අසල පිහිටි ඩෙවෝන් රක්ෂිතයේ අද දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා.
පොලීසිය සදහන් කළේ ගින්නෙන් අක්කර 10 ක පමණ භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති බවයි.
මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය සහ දැඩි සුළං හේතුවෙන් ගින්න රක්ෂිතයේ සීඝ්‍රයෙන් පැතිර ගොස් තිබෙනවා.
ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව ගින්න මැඩපැවැත්වීම සදහා කටයුතු කර ඇති අතර, කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.