අන්තර් සමාජ විස්සයි විස්ස තරඟාවලියේ එස්.එස්.සී කණ්ඩායම හා ශ්රී ලංකා නාවික හමුදා ක්රීඩා සමාජය අතර අද පැවැති තරඟයෙන් ලකුණු 107ක දැවැන්ත ජයක් ලැබීමට එස්.එස්.සී කණ්ඩායම සමත්වුණා.
ජයග්රහණය සදහා ලකුණු 204ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය නාවික හමුදා පිලට පන්දුවාර 18.3ක් තුළදි සියලු දෙනා දැවී ලබාගත හැකි වුනේ ලකුණු 96ක් පමණි.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එස්.සී.සී පිළ පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 203ක් රැස්කළා.
එස්.එස්.සී පිළේ මුල්පෙළ පිතිකරුවන් තිදෙනෙකු ලකුණු 19ක් තුළ ක්රීඩාගාරයට යැවීමට නාවික හමුදා පන්දුයවන්නන් සමත්වුවත් තිසර පෙරේරා නාවික හමුදා පන්දුයවන්නන් අන්ත අසරණ කරමින් ප්රහාරාත්මක ඉනිමක් ගොඩනගමින් සිය කණ්ඩායමට විශාල ලකුණු පුවරුවක් දක්වා රැගෙන ගියා.
එහිදී පන්දු 30කට මුහුණුදුන් තිසර පෙරේරා දැවැන්ත හයේ පහර 10ක් හා හතරේ පහර 03ක් සමගින් ලකුණු 84ක් රැස් කළ අතර නිමල්ශගේ පන්දුවක් හමුවේ හේමන්ත අතට උඩපන්දුවක් ලබාදෙමින් දැවී යන විට තිසරගේ ප්රහාරාත්මක වේගය දැක්වුයේ 280 ලෙසයි.
තිසරට අනගි සහයක් ලබාදුන් ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නොදැවුණු ඉනිමක් ක්රීඩා කරමින් නොදැවී ලකුණු 57ක් රැස් කිරීමට සමත් වු අතර පන්දු 47ක් තුළ වාර්තා වූ එම ඉනිමට එක් හයේ පහරක් හා හතරේ පහර 05ක් එක්වූවා.
දසුන් ශානක හයේ පහර 03ක් හා එක් හතරේ පහරක් සමගින් පන්දු 23කදී ලකුණු 34ක් රැස් කිරීමට සමත්වූවා.