Gossips

සේනා වන්දි තක්සේරුව පිළිගත නොහැකි බවට ගොවි සමිතිවලින් චෝදනා

සේනා දළඹුවන්ගෙන් වගා හානි සිදුවූ ගොවීන් වෙත වන්දි ලබාදීමට අදාළ තක්සේරු සිදුවන ආකාරය පිළිගත නොහැකි බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.
කෙසේ වෙතත් එම වන්දි ලබාදීමේ කටයුතු ලබන 10 වනදා සිට ආරම්භ කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් කියා සිටියේ.
එහෙත් තක්සේරු කටයුතු නිසි පරිදි සිදු නොකිරීම හරහා වන්දි ගෙවීමේ වැඩපිළිවෙල අකර්මන්‍ය කිරීමේ සූදානමක් පවතින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
මේ අතර සේනා දළඹුවන් බෝගවලට හානි කරන ආකාරයට ව්‍යාප්ත වීම මේ වනවිට පාලනය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක බඩඉරිඟු ඇතුලූ වගාවලට පසුගිය කාලයේ මෙම සේනා දළඹු උවදුරෙන් සිදුවුණේ දැඩි හානියක්.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් කියා සිටියේ සේනා දළඹුවන් සම්පූර්ණයෙන්ම මර්දනය කිරීම අපහසු බවයි.