Gossips

ශ්‍රී ලාංකික ධීවරයින් 24 ක් මාලදිවයිනේදී අත්අඩංගුවට

මුහුදු සීමා උල්ලංඝනය කිරිම හේතුවෙන් ශ්‍රී ලාංකික ධීවරයින් 24 දෙනෙකු මාලදිවයින් වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාත්‍රා 4 ක් සමඟ පසුගිය දිනෙක හලාවත ප්‍රදේශයෙන් ධීවර රැකියාව සඳහා පිටත්ව ගිය පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම ධීවරයින් පිරිස නිදහස් කරගැනීම සඳහා මාලදිවයින් බලධාරීන් සමඟ අද දිනයේ අදහස් හුවමාරු කරගන්නා බවද ධීවර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ප්‍රසන්න ගිනිගේ කියා සිටියා.