Gossips

වංගෙඩිකන්දේ අතරමං වූ පෞද්ගලික සරසවියක සිසුන් 09 දෙනෙකු බේරා ගැනේ

හල්දුම්මුල්ල – බඹරකන්ද – වංගෙඩිකන්දේ අතරමංව සිටි පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් 09 දෙනෙකු පොලීසිය සහ දියතලාව යුද හමුදා කදවුරේ නිළධාරීන් එක්ව අද (28) උදෑසන බේරගෙන තිබෙනවා.
මොවුන් විනෝද චාරිකාවක් සඳහා මෙම කන්ද තරණය කර ඇති අතර, ඊයේ (27) දිනයේ එම ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඔවුන් සිටි කූඩාරම ගැලවී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
වංගෙඩිකන්ද පිහිටා තිබෙන්නේ දුෂ්කර ස්ථානයක බැවින් ඔවුන්ට චාරිකාව නිමවා යළි පැමිණීමට නොහැකි වී තිබෙනවා.
එහි සිට එක් සිසුවෙකු ද අසනීප වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කෙසේ වෙතත්, යුද හමුදා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ඔවුන් මේ වන විට යළි පැමිණෙමින් සිටින බව පොලීසිය වැඩිදුරටත් කියා සිටියා.