Gossips

කල්පිටියේ දෙපිරිසක් අතර ගැටුමකින් 3ක් රෝහලේ – යතුරුපැදි 4කුත් ගිනි තබයි

කල්පිටිය – ආලංකුඩාව ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් තුන් දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
පෞද්ගලික ආරවුලක් මත ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඊයේ(01) මෙම ගැටුම හට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
ගැටුම හේතුවෙන් ප්‍රදේශයේ ආපන ශාලාවකට සහ නිමි ඇඳුම් වෙළඳසැලකට හානි සිදුව තිබෙනවා.
එමෙන්ම මෙහිදී යතුරුපැදි 4ක් ගිනි තබා විනාශ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් තුන් දෙනා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ගැටුම සම්බන්ධයෙන් නොරොච්චෝලේ පොලීසිය පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.