Gossips

මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධ නඩු විභාගයට විශේෂ අධිකරණයක් පිහිටුවීමට ජනපතිගේ අවධානය

මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබෙනවා.
ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.
මත්ද්‍රව්‍ය පාලනය හා අපරාධ අවම කිරීමට අදාළ පනත් කොටුම්පත් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවිමට තමන්ගේ අවධානය යොමුව ඇති බවයි.
මේ පිළිබඳ තමා ඉදිරි කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී පවසා තිබෙනවා.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මත්ද්‍රව්‍යවලට අදාළව නඩු විභාගවීමට දීර්ඝ කාලයක් ගතවීම මත්ද්‍රව්‍ය මර්ධනය වෙනුවෙන් ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළට විශාල බාධාවක් වී ඇති බැවින් එම තත්ත්වය වහා නිවැරදි විය යුතු බවයිග
අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රමවේදයේ සංශෝධනයන්හි වැදගත්කමද මෙහිදී සාකච්ඡා වී ඇති අතර, ඒ පිළිබඳ පවතින නීතිමය ප්‍රතිපාදන සම්බන්ධයෙන්ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.
මේ අතරල ලෝක මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් මුඛ පිළිකා වැළැක්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ මහරගම අපේක්ෂා රෝහලේදී පැවැත්වුණා.
මෙහිදී අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන මුඛ පිළිකා රෝගීන්ගේ සුවදුක් විමසීමටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වුණා.