Gossips

මහමග දමා ගිය පිය සෙනෙහස

අම්බලන්ගොඩ නුගේතුඩුව ප්‍රදේශයේ මාර්ගයක් අසල දමාගොස් සිටි අසනීප තත්වයෙන් පසුවූ වයෝවෘද්ධ පුද්ගලයෙකු පොලිසිය විසින් රෝහල්ගත කර තිබෙනවා.
ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම්දීමකට අනුවයි මෙම පුද්ගලයා රෝහල් ගතකර ඇත්තේ.
ඊයේ සවස මෙම පුද්ගලයාගේ පුත්‍රයෙකු විසින් ඥාතියෙකුගේ නිවසක් ඉදිරිපිට ස්ථානයකට තම පියා ගෙනැවිත් දමා තිබෙනවා.
පියා නඩත්තු කිරීමට තමාට නොහැකි බව පවසමින් ඔහු එම පියවර ගෙන ඇති බවයි ප්‍රදේශවාසීන් සඳහන් කර ඇත්තේ.
වයස අවුරුදු 75 ක් වයසැති මෙම පුද්ගලයා පොලිසිය විසින් අම්බලන්ගොඩ පොල්වත්ත දිසා රෝහලට ඇතුලත් කර තිබෙනවා.