Gossips

ආයතනවල ගැටලූ මතුවන හේතුව ජනපති පහදයි

ප්‍රධානියා සහ දෙවැන්නා අතර ගැටළු මතුවීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව ලොව ඕනෑම ක්ෂේත්‍රයක පවතින තත්ත්වයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ලෝක මුඛ සෞඛ්‍ය දිනය නිමිත්තෙන් මුඛ පිළිකා වැළැක්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට මහරගම අපේක්ෂා රෝහලේදී අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
මෙහිදී අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන මුඛ පිළිකා රෝගීන්ගේ සුවදුක් විමසීමටද ජනාධිපතිවරයා එක්වුණා.
මේ අතර, මහවැලි අධිකාරියට අයත් සියළු ප්‍රධාන වේලි හා ජලාශ පාලනය කිරීම සඳහා පොල්ගොල්ල ජලාශ පරිශ්‍රයේ ඉදිකර ඇති නවීන මෙහෙයුම් මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ නිරීක්ෂණ කළා.