Gossips

පුරාවස්තු දඩ සහ දඩුවම් වැඩිවන ලකුණු

පුරාවස්තු විනාශ කරන පුද්ගලයින්ට මෙන්ම, ඊට සම්බන්ධ නොවන පුද්ගලයින්ට ද දඩුවම් හිමිවීම කණගාටුවට කරුණක් බව මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසනවා.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.
මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලනයට අහිතකර ප්‍රකාශයක් කිරීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ක්‍රියාත්මක කළ යුතු බව ඔහුගේ නීතිඥවරුන් පවසනවා.
ඔවුන් මේ බව සඳහන් කළේ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.