Gossips

ඇමති වජිරගේ ඩිෆෙන්ඩර් රථයේ ත්‍රිරෝද රථයක් ගැටෙයි

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පලාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධනට අයත් ඩිෆෙන්ඩර් රථයක් ත්‍රිරෝද රථයක් සමඟ ගැටීමෙන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අක්මීමන පොලීසිය සඳහන් කළේ ගාල්ල – අක්මීමන – ගොනාමුල්ල ප්‍රදේශයේදී අද පෙරවරුවේ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් බවයි.
ගාල්ල – උඩුගම මාර්ගයේ ධාවනය වූ ඩිෆෙන්ඩර් රථය ගොනාමුල්ල හන්දියෙන් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ දෙදෙනා ඇතුලත් කර ඇත්තේ ගාල්ල කරාපිටිය රෝහලටයි.