Gossips

පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආරාධිත කණ්ඩායම සමඟ බෙනෝනි හි දී ඊයේ පැවති එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලූ 6 ක විශිෂ්ඨ ජයක් අත්කර ගත්තා.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ආරාධිත පිල පන්දු වාර 48 ක් තුළ සියලූ ක්‍රීඩකයන් දැවී ලකුණු 304 ක් රැස් කළා.
එහිදී රේනාඞ් වෑන් ටොන්ඩර් ලකුණු 164 ක් ලබාගත් අතර, ලසිත් මාලිංග ලකුණු 35 කට කඩුලූ 5 ක් බිඳ හෙලූවා.
පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා පිල පන්දු වාර 41 කදී කඩුලූ 4 ක් පමණක් දැවී ලකුණු 307 ක් ලබමින් තරගයේ ජය හිමිකරගත්තා.
එහිදී අවිශ්ක ප්‍රනාන්දු පන්දු 46 කදී ලකුණු 72 ක්ද, ඖෂධ ප්‍රනාන්දු පන්දු 48කදී ලකුණු 63 ක්ද රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 47 ක් ලබාගත්තා.
උපුල් තරංජ ලකුණු 45 යි.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු එක්දින තරගය අනිද්දා ජොහැනස්බර්ග් නුවරදී පැවැත්වීමට නියමිතයි.