කොල්ලුපිටියේ සුපිරි වෙළඳ සංකීර්ණයක රථ ගාලක් තුළ දී රුපියල් මිලියන 2945කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ ඔවුන් කොටුව – වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතීඥ දීමනී බැද්දේවෙල හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ වැටලීමකදී කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි වෙළඳ සංකීර්ණයක රථ ගාලේ වෑන් රථ දෙකක තිබියදී මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම හෙරොයින් තොගය සොයාගනු ලැබුවා.
මේ අතර පසුගියදා කොල්ලුපිටිය ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදේශිකයින් තුන්දෙනා ඇතුලූ සැකකරුවන් පස්දෙනා ද මේ මස 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඔවුන් කොළඹ කොටුව වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතීඥ දීමනි බැද්දේවෙල හමුවට අද ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදියි.