Gossips

හිටපු ජනපති තිරුපති කෝවිල වැඳපුදාගනී

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් ඊයේ (27) පස්වරුවේ ඉන්දියාවට ළඟාවුණා.
ඒ තිරුපති කෝවිල වැඳ පුදා ගැනීමටයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ ඇතුළු 6 දෙනෙකුගෙන් යුතු පිරිසක් හිටපු ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටියා.
එහිදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස තිරුපති කෝවිල වැඳපුදාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකලා.