Gossips

නවීන්ගේ සහ හැරිසන්ගේ ආයතන කිහිපයක් කිරිඇල්ලට සහ රාධාක්‍රිෂ්ණන්ට

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලට අයත් රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයට තවත් රාජ්‍ය ආයතන දෙකක් ජනාධිපතිවරයා විසින් පවරා දී තිබෙනවා.
අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් මෙලෙස ලබාදී ඇත්තේ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සතුව පැවති ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ රාජ්‍ය වැවිලි සංස්ථාවයි.
අවසන් වරට සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී සිලෝන් සෙරමික් ආයතනය ඇතුළු ආයතන 04 ක් පමණක් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල වෙත ලබාදී තිබුණා.
කෙසේ වෙතත්, පසුව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී සඳහන් කර තිබුණේ තවත් ආයතන කිහිපයක් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල වෙත ලබාදෙන බවයි.
මේ අතර, අමාත්‍ය පී.හැරිසන්ට අයත් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සතුව තිබූ ග්‍රාමීය පුනර්ජීවන අරමුදල, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන අරමුදල සහ ග්‍රාමෝදය මණ්ඩල අරමුදල විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් වෙත ලබාදී තිබෙනවා.
ඒ, පසුගිය 26 වැනිදා ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින්.