Gossips

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක් ජලය කැපේ

අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ කොටහේන, ග්‍රෑන්ඩ්පාස් සහ මෝදර, මට්ටක්කුලිය යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
ඊට අමතරව කොටුව සහ පිටකොටුව ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.