Gossips

ත්‍රිරෝද රථයක තිබී පිළිස්සුණු මළ සිරුරක් සොයා ගැනේ

තණමල්විල – කොමලිගම – කුකුල්කොටුව වැව අසළ ත්‍රිරෝද රථයක තිබී පිලිස්සුණු මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
ඊයේ (27) පස්වරුවේ මෙම මළ සිරුර සොයා ගෙන ඇති අතර, මියගිය පුද්ගලයා කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ත්‍රිරෝද රථයට ද ගිනි තබන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.
මෙලෙස ඝාතනය කර ඇත්තේ තණමල්විල ගඟේයාය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්.