Gossips

නිදහස් පක්ෂයට නව සංවිධායකවරු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිලිවෙල යටතේ පක්ෂය සඳහා පත්කෙරුණු නව ආසන සංවිධායකවරු 47 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
දිස්ත්‍රික්ක 07 කට මෙලෙස නව ආසන සංවිධායකවරුන් පත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඒ අතරින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මැද කොළඹ ආසනයටත්, චන්දිම රාසපුත්‍ර මාතර ආසනයටත්, ශාන් විජයලාල් ද සිල්වා අම්බලන්ගොඩ ආසනයටත්, නිශාන්ත මුතුහෙට්ටිගම බද්දේගම ආසනයටත් පත්කර තිබෙනවා.
එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා බදුල්ලටත්, ඩිලාන් පෙරේරා හාලිඇලටත්, දි.මූ.ජයරත්න ගම්පොල ආසනයටත්, එස්.බී.දිසානායක හේවාහැට ආසනයටත් පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම් ධූරයට පත්කර තිබෙනවා.
එමෙන්ම, ලසන්ත අලගියවන්න පක්ෂයේ වෘත්තීය සමිති ලේකම්වරයා ලෙසත්, වීරකුමාර දිසානායක වෘත්තීය සමිති උප ලේකම්වරයා ලෙසත් පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.