දැනට භාවිත කරන සියලූම යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම සඳහා ලබාදී තිබූ කාලය මාර්තු මස 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පෞද්ගලිකව භාවිත කරන සියලූම යාන්ත්‍රික කියත් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර මාර්තු මස 15 වනදාට පෙර ලියාපදිංචි බලපත්‍රයක් ලබාගත යුතු බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.
මෙම වැඩසටහන පසුගිය පෙබරවාරි 20 වනදා ආරම්භ වූ අතර, ඊයේ දිනයෙන් අවසන් කිරීමටයි මීට පෙර තීරණය කර තිබුණේ.
කෙසේ වෙතත් එම කාලය මාර්තු 15 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කර ඇති අතර, එලෙස ලියාපදිංචි කරන යාන්ත්‍රික කියත් හඳුනාගැනීම සඳහා විශේෂ බලපත්‍රයක් සහ අංක තහඩුවක් නිකුත් කිරීමටද නියමිතයි.