Gossips

ටෙලිෆෝන් කෝල් රෙකෝඩ් කරන්නේ නැති බවට නිවේදනයක්

නව සන්නිවේදන රෙගුලාසි යටතේ සියලුම දුරකථන සංවාද පටිගත වන බවට පළවන වාර්තා සම්පූර්ණ අසත්‍ය බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
පාරිභෝගිකයන්ගේ දුරකථන ඇමතුම් මෙලෙස පටිගත වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් වාර්තා වී තිබුණා.
එසේම, වට්ස් ඇප්, ෆේස්බුක්, වයිබර් සහ අනෙකුත් සමාජ මාධ්‍ය ඔස්සේ ලබා ගන්නා ඇමතුම් සහ පණිවුඩ ද නව සන්නිවේදන රෙගුලාසි වලට අනුව අධීක්ෂණය වන බවයි එම වාර්තාවල දැක්වුණේ.
කෙසේ වෙතත්, එවැනි කිසිදු අධීක්ෂණයක් හෝ පටිගත කිරීමක් සිදුනොවන බව විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව අවධාරණය කළා.