Gossips

A9 මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරකින් 6ක් රෝහලේ

යාපනය සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් පරන්තන් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (28) රාත්‍රියේ සිදුවූ මේ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
තුවාල කරුවන්ගේ තත්ත්වය තරමක් බරපතල බවයි පොලිසිය පවසන්නේ.
අනතුර සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.