Gossips

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් බාධා සිදුවූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ් දුම්රිය මාර්ගයේ අලූත්වැඩියා කටයුතු ඊයේ රාත්‍රිය වනවිට සිදුකර අවසන් කළ බවයි.
ඊයේ අලූයම ගාල්ලේ සිට පැමිණි අංක 380 දරණ බලවේග කට්ටල දුම්රිය කළුතරදී පීලිපැනීමට ලක්වීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව ඇණහිට තිබුණා.