Gossips

නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන් 47ක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන් පත්කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙල යටතේ පත්කෙරුනු නව ආසන සංවිධායකවරුන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් අද දහවල් පත්වීම් ලිපි ලබාදුන් බවයි.
මේ අතර රංජිත් සියඹලාපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රචාරක ලේකම්වරයා ලෙසට පත්කර තිබෙනවා.
ලසන්ත අලගියවන්න පක්ෂයේ වෘත්තීය සමිති ලේකම්වරයා ලෙසට සහ වීරකුමාර දිසානායක වෘත්තීය සමිති උපදේශකවරයා ලෙසට පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
සාරතී දුෂ්මන්ත වෘත්තීයවේදීන්ගේ සංවිධාන ලේකම්වරයා ලෙසට සහ සුදර්ශන රත්නායක සාමාජික ප්‍රවර්ධන ලේකම්වරයා ලෙසට ද පත්කර තිබෙනවා.