Politics Sri Lanka

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ අඛණ්ඩ වැඩ වර්ජනයකට

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයෝ අඛණ්ඩ වැඩ වර්ජනයකට

අද (28) සිට රටපුරා සියලු සරසවි අනධ්‍යයන සේවකයන් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පවසයි.

මාසික හිලව් භාෂා දීමනාව ලබා දීම වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කිරීම විධිමත් විශ්‍රාම වැටුපක් ස්ථාපිත කිරීම ලැබෙන මූලික වැටුප 2016-2017 වර්ෂවලට අදාළව ගණනය කිරීම උසස්වීම් සඳහා පැනවූ සීමාවන් ඉවත් කිරීම විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරී පුරප්පාඩු පිරවීම ඔවුන්ගේ ඉල්ලීම් අතර වේ.

මෙම ඉල්ලීම් සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වසර එක හමාරකට පෙර එකඟ වූ නමුත් එය ක්‍රියාත්මක නොවීම නිසා වරින් වර උද්ඝෝෂණ සහ සංකේත වැඩ වර්ජන පැවැත්වූ නමුත් නිසි පියවර නොගැනීම මෙසේ අඛණ්ඩ වැඩ වර්ජනයක් සඳහා හේතු වූ බවද හෙතෙම සඳහන් කරයි.