Gossips

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයට යළි ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක්

බත්තරමුල්ල – ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ ලංකා ගුරුසේවා සංගමයේ සාමාජිකයින්ට පොලීසිය අද පස්වරුවේ යළිත් වරක් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.
හිග වැටුප් කප්පාදු කිරීමට සහ විශ්‍රාම වැටුප් අහිමි කිරීම ඇතුලූ කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් අද පෙරවරුවේ මෙම විරෝධතාවය ආරම්භ කළ අතර, ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කළා.
කෙසේ වෙතත්, විරෝධතාකරුවන් අඛන්ඩව එම ස්ථානයෙන් රැදී සිටි අතර, පසුව ලංකා ගුරු සේවා සංගමයේ නියෝජතයින් කිහිපදෙනෙකුට, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න සාකච්ඡාවක් ලබාදුන්නා.
කෙසේ වෙතත්, විරෝධතාකරුවන් පිරිසක් අමාත්‍යාංශයට ඇතුලූ වීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසිය ඔවුන්ට යළි ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවයි එහි සිටින අප වාර්තාකරු කියා සිටියේ.
මෙම විරෝධතාවය නිසා පැය කිහිපයක් බත්තරමුල්ල අවට දැඩි රථ වාහන තදබදයක් ද පැවතියා.