Gossips

වධක තනතුරට අයදුම්පත් 102ක්

බන්ධනාගාර අලූගෝසු තනතුර සඳහා අයදුම්පත් 102ක් ලැබී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
ඉන් අයදුම්පත් 101ක් මෙරට අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කර ඇති අතර එක් අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකානු ජාතිකයෙකු විසින්.
වධක තනතුර සඳහා අයදුම් පත්‍ර ඉදිරිපත් කිරීම පසුගිය 25 වනදායි අවසන් වූ අතර ඉදිරියේදී සම්මුඛ පරීක්ෂණ පවත්වා දෙදෙනෙකු බඳවාගැනීමට නියමිතයි.
සම්මුඛ පරීක්ෂණ පවත්වන දිනයන් සහ ඒ සඳහා කැඳවනු ලබන පුද්ගලයින් පිළිබඳව ප්‍රසිද්ධියට පත් නොකරන බවයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ.