Gossips

විරෝධතාවයේ නිරත වූ ගුරුවරුන් විසිර යයි

බත්තරමුල්ල – ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ ලංකා ගුරුසේවා සංගමයේ සාමාජිකයින් මේ වනවිට එම ස්ථානයෙන් විසිර ගොස් තිබෙනවා.
පොලීසිය අද පස්වරුවේ ඔවුන් විසුරුවා හැරීමට දෙවරක් ජල ප්‍රහාර එල්ල කරනු ලැබූ අතර, පසුව කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළා.
ඉන් තුවාල ලැබූ එක් විරෝධතාකරුවෙකු මේ වනවිට ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
වැටුප් කප්පාදු කිරීම සහ විශ්‍රාම වැටුප් අහිමි කිරීම ඇතුලූ කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් අද පෙරවරුවේ මෙම විරෝධතාවය ආරම්භ කළා.