Gossips

ජ.වි.පෙ. විපක්ෂ නායක හමුවෙයි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමඟ ඉදිරි සතියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු අනුර කුමාර දිසානායක සිය පක්ෂ මූලස්ථානයේ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පාර්ශවයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයක් නොමැතිව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නොහැකි බවයි.