Gossips

උතුරේ වට්ටක්කා සහ වී ගොවීන් අර්බුදයක

උතුර පළාතේ වට්ටක්කා සහ වී ගොවීන් මේ වනවිට ගැටළු රැසකට මුහුණ දී ඇති බවට වාර්තා වනවා.
සිය අස්වනු නිසි මිලකට අලෙවි කරගැනීමට නොහැකි වීම හේතුවෙන් වට්ටක්කා ගොවීන් අපහසුතාවට පත්ව ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
රුපියල් 4,000 ක මුදලකට වට්ටක්කා බීජ ටින් එකක් මිලදී ගත්තත් අස්වනු විකිණීමෙන් එම මුදල හෝ සොයාගැනීමට නොහැකි වී ඇති බවයි ගොවීන් සඳහන් කළේ.
මේ අතර පසුගියදා බලපෑ වැසි සහිත කාලගුණය හේතුවෙන් උතුර පළාතේ වී අස්වැන්න වේලාගැනීමට ගොවීන්ට නොහැකි වී තිබෙනවා.
ගොවීන් මීට පෙර ඒ 9 මාර්ගයේ වී වේලාගත්තද, ඊට රියදුරන් විරෝධය දැක්වීම හේතුවෙන් ඒ සඳහා තමන්ට විසඳුමක් ලබාදෙන ලෙසයි ගොවීන් ඉල්ලා සිටින්නේ.