Gossips

ලංකා ගුරුසේවා සංගමයේ විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස්

බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ලංකා ගුරුසේවා සංගමය විසින් පවත්වනු ලබන විරෝධතාව විසුරවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
අද (28) පෙරවරුවේ මොවුන් මෙම විරෝධතාව ආරම්භ කරනු ලැබුවේ හිඟ වැටුප් කප්පාදු කිරීමට සහ විශ්‍රාම වැටුප් අහිමි කිරීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින්.
විරෝධතාව හේතුවෙන් බත්තරමුල්ල සහ පැලවත්ත අවට මාර්ගවල තවදුරටත් දැඩි රථවාහන තදබදයක් පවතින බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු කියා සිටියේ.
කෙසේ වෙතත් මේ වනවිට එම සංගමයේ නියෝජිතයන් කිහිපදෙනෙකුට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සාකච්ඡාවක් ලබාදී තිබෙනවා.