Gossips

පාකිස්ථානය මට හොඳට සලකනවා – අත්අඩංගුවට ගත් ඉන්දීය ගුවන් නියමුවාගෙන් විශේෂ ප්‍රකාශයක්

ඉන්දියාව පසුගියදා එල්ල කළ ගුවන් ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා දෙකක් පාකිස්ථානය විසින් ඊයේ (27) වෙඩි තබා බිම හෙලනු ලැබුවා.
එහිදී සිය ආරක්ෂක අංශ විසින් ඉන්දීය ගුවන් නියමුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
එලෙස එක් ඉන්දීය ගුවන් නියමුවෙක් පාකිස්ථාන ආරක්ෂක අංශයන්හි අත්අඩංගුවට පත්වන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල ඊයේ දිනයේදී සැරිසැරුවා.
කෙසේ වෙතත් එලෙස අත්අඩංගුවට පත් ගුවන් නියමුවාගේ තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවල සැරිසරනවා.
එම වීඩියෝවේ දැක්වෙන්නේ පාකිස්ථාන හමුදාවේ මේජර්වරයෙක් අත්අඩංගුවට පත් ගුවන් නියමුවාගෙන් ප්‍රශ්න කරන ආකාරයයි.
එහිදී ගුවන් නියමුවා පවසා සිටින්නේ පකිස්ථාන ආරක්ෂක අංශ තමන්ට ඉතා හොඳින් සලකන බවයි.
අදාල වීඩියෝව පහතින්.