Gossips

අප්‍රේල් සිට මාස හයක් නිදහස් වීසා පහසුකම්

සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය කරගැනීම සඳහා අප්‍රේල් 01 වනදා සිට මාස 6 කාලයක් නිදහස් වීසා පහසුකම් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව තායිලන්තය, යුරෝපා සංගමයට අයත් රටවල්, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, ඇමරිකාව, සිංගප්පූරුව, මලයාසියාව සහ නවසීලන්තය යන රටවල සංචාරකයන්ට මෙම පහසුකම ලබාදෙනු ඇති.
වසරේ අනෙකුත් කාලසීමාවලට සාපේක්ෂව අප්‍රේල් සිට ඔක්තෝම්බර් දක්වා කාලසීමාව සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබීම හේතුවෙනුයි සංචාරක සංවර්ධන අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ.