Gossips

මිලියන 120ක හෙරොයින් සමඟ සැකකරුවෙක් පොලිස් දැලේ

රුපියල් කෝටි 12 ක වටිනාකමකින් යුත් හෙරෙයින් කිලෝ 10 ක් සමඟ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
28 හැවිරිදි මොහු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී හෙරොයින් කිලෝ 01 ක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවේ කුලියාපිටිය – හෙට්ටිපොල පාර – කඹුරාපොල මංසන්ධියේදීයි.
පසුව කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලට අනුව කුලියාපිටිය – අඹගස්ගෙදර – නාගොල්ලාගොඩ ප්‍රදේශයේ පිහිටි මොහුගේ නිවසේ තිබී තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 09ක් පොලිස් භාරයට ගනු ලැබුවා.