Gossips

මධූෂ්, අමල්, නදිමාල් ඇතුළු පිරිස අද යළි ඩුබායි අධිකරණයට

පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිස අද (28) ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මීට පෙර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සහ තවත් පාතාල නායකයින් කිහිප දෙනෙකු මෙන්ම ගායක අමල් පෙරේරා, නදීමාල් පෙරේරා ඇතුළු පිරිසක් ඩුබායිහි තරු පංතියේ හෝටලයක පැවති සාදයකදී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 05 වනදායි.
මාසයකට ආසන්න කාලයක් මෙම පිරිස සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ අතර, ඔවුන්ට, මත්ද්‍රව්‍ය ශරීරගතව ඇත්ද යන්න පිළිබඳව රුධිර සාම්පල පරීක්ෂණයක්ද සිදුකළා.