Gossips

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේ කාලය අදින් අවසන්

ගස් කැපීම සඳහා භාවිත කරන කුඩා සහ විශාල ප්‍රමාණයේ යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම සඳහා ලබාදී තිබූ කාලය අදින් අවසන් වනවා.
ඒ අනුව මෙලෙස ලියාපදිංචි කරන කියත් සම්බන්ධයෙන් පොලිස් ස්ථාන මට්ටමින් නාමලේඛනයක් සකස් කිරීමටද නියමිත බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.
පරිසරය රැකගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගෙන යනු ලබන වැඩපිළිවෙලට අදාළවයි මෙම කටයුත්ත සිදුකරනු ලබන්නේ.
ඒ අනුව ගස් කැපීම සඳහා භාවිත කරන කුඩා සහ විශාල ප්‍රමාණයේ යාන්ත්‍රික කියත් බලපත්‍ර නොමැතිව ළඟ තබාගන්නා පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද නියමිතයි.
ශ්‍රී ලංකා රේගු දත්තවලට අනුව 2017 වසරේ මෙරටට ආනයනය කරනු ලැබූ යාන්ත්‍රික කියත් සංඛ්‍යාව 32,053 ක්.