අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමට යෝජනා කර ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත්, ඒ පිළිබද අවසන් එකඟතාවකට පැමිණ නොමැති බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ප්‍රකාශ කළේ.
ගත වූ කාලසීමාව තුළ දී එම ආර්ථික කමිටුව නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැති බවට පෙන්වා දී ඇති ජනාධිපතිවරයා එහිදී තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය නම් කැබිනට් මණ්ඩලය මගින්ම කමිටුවක් පත් කර අදාළ යෝජනා ක්‍රියාත්මක කළ හැකි බවයි.
ජනාධිපතිවරයාගේ මෙම යෝජනාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙන්ම අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, මලික් සමරවික්‍රම, මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක ද අදහස් පළ කර තිබෙනවා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් එළඹෙන අමාත්‍ය මණ්ඩල හමුවේදී තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.