Gossips

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරඟාවලියේ පළමු තරඟ 03 සුපිරි ක්‍රීඩකයාට අහිමි වෙයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින තරඟාවලිය ලබන 03 වනදා ජොහැන්නස්බග් හිදී ආරම්භ වනවා.
මෙම තරඟාවලිය සඳහා එක්වන දකුණු අප්‍රිකානු සංචිතය පසුගියදා නම් කරනු ලැබුවා.
ෆාෆ් ඩූ ප්ලසිස්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.
මේ අතර තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟ 03 සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වන හෂීම් අම්ලා එක්කර නොගැනීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වනවා.
ලබන මැයි මස ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකු එක්කර ගැනීමේ අපේක්ෂාවෙන්, එම ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ශ්‍රී ලංකාව සමඟ එක්දින තරඟාවලිය තුලදී අත්හදා බැලීමට සැලසුම් කර ඇති බවද එරට ක්‍රිකට් ආයතනය පවසනවා.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියේ පළමු තරඟ 03 දී හෂීම් අම්ලාට කෙටි විවේකයක් ලබාදීමට තීරණය කළ බවයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
කෙසේ වෙතත් හෂීම් අම්ලා ලෝක කුසලාන තරඟාවලියට එක්වන දකුණු අප්‍රිකානු සංචිතය තුල සිටින ක්‍රීඩකයෙක් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.
තරඟාවලිය වෙනුවෙන් නම් කළ දකුණු අප්‍රිකානු සංචිතය පහතින්.
Faf du Plessis (captain), Quinton de Kock, Reeza Hendricks, Imran Tahir, David Miller, Wiaan Mulder, Lungi Ngidi, Anrich Nortje, Andile Phehlukwayo, Dwaine Pretorius, Kagiso Rabada, Tabraiz Shamsi, Dale Steyn, Rassie van der Dussen.