කොටුව ලෝටස් වටරවුමේ ඊයේ පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් එච්.එන්.ඩී. හෙවත් අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා සිසුන් පස්දෙනෙකු ලබන මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, කොළඹ – කොටුව වැඩබලන මහේස්ත්රාත් ජයන්ත ඩයස් නානායක්කාරගේ නියෝගයකට අනුවයි.
මහපොළ වාරිකය රුපියල් 5,000 දක්වා ඉහළ දැමීම ඇතුලූ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි එච්.එන්.ඩී. සිසුන් ඊයේ මෙම විරෝධතාව පවත්වනු ලැබුවේ.
ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පා ගමනින් පැමිණි අතර, එම අවස්ථාවේදී ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුම අසලින් වසා දැමුණා.
සිසුන්ගෙන් කිහිපදෙනෙකුට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් සමඟ සාකච්ඡාවකට අවස්ථාව හිමිවුණත් විසඳුමක් නොලැබුණු බව පවසමින් යළි ඔවුන් විරෝධතාවයේ නිරතවුණා.
එම අවස්ථාවේදි පොලීසිය කඳුලු ගෑස් සහ ජල ප්රහාර එල්ල කර සිසුන් විසුරුවා හැරි අතර සිසුන් 5 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.